රිදුණු තැන් , කැළැල්,සුව නොවූ කැපුම් ,
පිරිමදින ගමන් නොගුණම මතුරමින් ,
පොරොන්දුව කඩකලේ මෙහෙමයි ,
උඩු දිවූ මමත්වය දොස් ගෙනාවේ මෙහෙමයි ,
අනේ හිමි කර ගන්නට නෙමෙයි ,
ඉපැරණි සිහිනවල පැතුවේ
යහපතම විතරයි ,
ගොරහැඩි වේදිකාවල නිහඩ දේශණ ඔහොමයි ......
ඉතිං සත්‍යයේ රැය එළඹි විට ,
මිතුරු සංධානයට එළඹ හදවත සමග ,
මහා පදනම් ඉරි තලා නොයන ලෙස ,
රහසින්ම කොදුරයි ,
ප්‍රේමය, ප්‍රේමයම විතරයි ................
No comments:
Post a Comment