තනිව තරණය කලෙන්
අතරමඟ පෙලූ දුක් නැවත විඳිනට නොරිසී
ඔබ නොනැවතී ගලන
ගඟක් වුයේ මෙහිදී
හදවත් හැඩැති කුඩා බඳුනක සිරවී
මේ හැඩය ගන්නැයි
මේ පැහැය, මේ රසය,මේ සුවඳ දෙන්නැයි
අයදින්න නොහැකි
තැබූ හැම පියවරම කඳුලින් , රුධිරයෙන් තෙත්වී
කැබලිති උයෙන් මඟදී
නැවතත් ළතෙත් විය නොහැකි
තිර හඬින් ඇසෙන්නේ ඔබේ මිමිණුම පමණි
අතීතය පසුකර බොහෝ දුර ආ බැවින්
වෙහෙස නිවුමට මොහොතක්
නැවතුනා පමණි
ජීවිතය ඇරඹී දිගු කලක් ගතවී
දැන් ඉතින් මේ ගමන නවතන්න නොහැකි
සිහිල් දිය ගලා යන කඳුරක්ව ඇරඹි
නොරැඳි ගලා යනු පමණි ඉතිරි