හැම කවියකම අර්ධයක් ඔබෙයි
ඉතිරි අර්ධය අපෙයි
අහම්බෙන් ගෙතෙන කෙටි කවිය ඔබෙයි
නොලියවෙන දිගු කවිය අපෙයි
Tuesday, October 20, 2015
Saturday, October 17, 2015
Sunday, October 11, 2015
Saturday, October 10, 2015
ආදරයේ වැතිර, ආදරය ගැන කවිය ,ලියනු මිස
ආදරයේ වැතිර
ආදරය ගැන කවිය
ලියනු මිස
කවියකින් පවා
රිදවිය නොහැකි
හදක් ඇත
විටින් විට කොනහා
බලනු මිස හද
කැළැල් ඇති වන
රිදුම් දෙන්නට
රිසි නැත
ආදරය ගැන කවිය
ලියනු මිස
කවියකින් පවා
රිදවිය නොහැකි
හදක් ඇත
විටින් විට කොනහා
බලනු මිස හද
කැළැල් ඇති වන
රිදුම් දෙන්නට
රිසි නැත
Wednesday, October 7, 2015
මං රැඳිය යුතුවෙද සියවරක් ඉපදෙමින්, මියයමින්
ඔබ දරන ඒ කිරුල මගෙයි
ප්‍රේමයේ අහඹු හැඩ වලින්
ලියකම් කලේ මමයි
විටින් විට ඉරිතලන
තැන් පවා
ඉවසුමෙන් පිරිද්දුවේ මමයි
ඔය දිළෙන්නේ ලෝහය නොවෙයි
ප්‍රේමයත් , ශෝකයත් ,
සෙනෙහසත් , ඔබ වෙතම
බැඳි බාල තෘෂ්ණාවත් පමණමයි
ඔප දැමිය හැක්කේ
මගේ කඳුලින් පමණයි
ඒත් ඔබ කිරුල දරණුවස්
මං රැඳිය යුතුවෙද
සියවරක් ඉපදෙමින්, මියයමින් ,
අතරතුර රුධිරය වෑස්සෙන හදින්
ඔබ ළඟින්
ප්‍රේමයේ අහඹු හැඩ වලින්
ලියකම් කලේ මමයි
විටින් විට ඉරිතලන
තැන් පවා
ඉවසුමෙන් පිරිද්දුවේ මමයි
ඔය දිළෙන්නේ ලෝහය නොවෙයි
ප්‍රේමයත් , ශෝකයත් ,
සෙනෙහසත් , ඔබ වෙතම
බැඳි බාල තෘෂ්ණාවත් පමණමයි
ඔප දැමිය හැක්කේ
මගේ කඳුලින් පමණයි
ඒත් ඔබ කිරුල දරණුවස්
මං රැඳිය යුතුවෙද
සියවරක් ඉපදෙමින්, මියයමින් ,
අතරතුර රුධිරය වෑස්සෙන හදින්
ඔබ ළඟින්
Subscribe to:
Posts (Atom)