මුදාහල දෙඅත් ඇතිවුව
විදා වැළඳ ගනු නොහැකිය
දමා ගියෙන් ගිරිහිස ගෙය
මුලාවකි නැවත එන මඟ
The Dreamer
Saturday, March 31, 2018
Friday, May 12, 2017
වෙහෙසින් වෙහෙසවී ලියමි
අඳුරටම ප්‍රිය කෙරෙන බැවිනි
සඳ එළිය වඩා මෘදු වෙන්න යෙදිනි
දහවලෙහි දකින්නට රිසිවී
වෙහෙසින් වෙහෙසුණා පමණි
පසුකල ආ බැවින් නියං , තද වැසි
ග්‍රීෂ්මය උසුලන්න දනිමි
සුළඟ දෑතින්ම නවතා
වෙහෙසින් වෙහෙසුණා පමණි
උස ගසක අතු අගක පිපෙන්නට නොදනී
මඩෙහි පිපුනා පමණි
නොගැවී දියෙන් නෙළුමක්ව පිපෙනු මිස
වෙහෙසින් වෙහෙසෙන්න නොරිසි
සඳ එළිය වඩා මෘදු වෙන්න යෙදිනි
දහවලෙහි දකින්නට රිසිවී
වෙහෙසින් වෙහෙසුණා පමණි
පසුකල ආ බැවින් නියං , තද වැසි
ග්‍රීෂ්මය උසුලන්න දනිමි
සුළඟ දෑතින්ම නවතා
වෙහෙසින් වෙහෙසුණා පමණි
උස ගසක අතු අගක පිපෙන්නට නොදනී
මඩෙහි පිපුනා පමණි
නොගැවී දියෙන් නෙළුමක්ව පිපෙනු මිස
වෙහෙසින් වෙහෙසෙන්න නොරිසි
Sunday, July 31, 2016
බිඳුණු කවුළුවෙන් සඳ පෙරී අවුත්
බිඳුණු කවුළුවෙන් සඳ පෙරී අවුත්
හැඩක් නැති අයෙක් මෙන්
යහන මත නිදයි
ඇද ගැහුණු සෙවණැල්ල
කැඩුණු පා සළඹක්
තුරුළු කොට හඬයි
විශ්වයක් පාළුවක් ඉතිරිකර
නමක් නැති කෙනෙක්
නොකියාම නික්මෙයි
හැඩක් නැති අයෙක් මෙන්
යහන මත නිදයි
ඇද ගැහුණු සෙවණැල්ල
කැඩුණු පා සළඹක්
තුරුළු කොට හඬයි
විශ්වයක් පාළුවක් ඉතිරිකර
නමක් නැති කෙනෙක්
නොකියාම නික්මෙයි
Saturday, July 16, 2016
තැවෙනු කුමටද සුළඟක් , රැඳුණු උයනක් සොයමින්
තැවෙනු කුමටද සුළඟක්
රැඳුණු උයනක් සොයමින්
හිඳිනු කුමටද අපුලින්
නුහුරු සුවඳක් විඳිමින්
රැඳෙනු කුමටද සොයමින්
ඉතිරි වූ කිසිවක්ම ඊයෙන්
ඉඳිනු කුමටද උවැසියක් වෙමින්
දෙවොල අතැහැර ගියෙන් දෙවියන්
රැඳුණු උයනක් සොයමින්
හිඳිනු කුමටද අපුලින්
නුහුරු සුවඳක් විඳිමින්
රැඳෙනු කුමටද සොයමින්
ඉතිරි වූ කිසිවක්ම ඊයෙන්
ඉඳිනු කුමටද උවැසියක් වෙමින්
දෙවොල අතැහැර ගියෙන් දෙවියන්
Thursday, April 28, 2016
පැරණි කවියක කුරුටු සිඹිමි
මිදුණු කඳුළක් වැටෙයි
කිසිම පැතුමක් නොමැති කවියක් තෙමෙයි
ජීවිතය හැමවිටම මෙහෙමයි
එකවරම ඇරඹෙයි
නොදන්වා පිටවෙයි
සතුටටත් විපතටත්
එකම දෙනෙතක කඳුළු උපදී
පිටතටත් නොපෙනී
මහා ඝෝෂා සිතෙහි පවතී
රළු පොලොව දෙපතුලින් සිඹිමින්
නැගී සිටුමට නොහැකි විටදී
මැදිහත්ව උන් දිනක ලියු
පැරණි කවියක කුරුටු සිඹිමි
කිසිම පැතුමක් නොමැති කවියක් තෙමෙයි
ජීවිතය හැමවිටම මෙහෙමයි
එකවරම ඇරඹෙයි
නොදන්වා පිටවෙයි
සතුටටත් විපතටත්
එකම දෙනෙතක කඳුළු උපදී
පිටතටත් නොපෙනී
මහා ඝෝෂා සිතෙහි පවතී
රළු පොලොව දෙපතුලින් සිඹිමින්
නැගී සිටුමට නොහැකි විටදී
මැදිහත්ව උන් දිනක ලියු
පැරණි කවියක කුරුටු සිඹිමි
Thursday, April 14, 2016
Subscribe to:
Posts (Atom)

