නොහඬා ඉදින්නට
උගත් ගසකට ,
පහල අත්තක රැඳී
මලක අනුචිත නික්ම යාමක්
මොහොතක රිදුමක්ම
පමණකි ,
කුඩාවට පිපුණු විට අතු අතර
නටු අගින් පමණක් බැඳී
සසල නල සමඟ
පැවතීම උදෙසා තරඟය
වෙහෙසකි,
පිපිය යුතු කාලය
පෙර නියම කර ඇතිවිට
ලෝක නියමය ලෙස
ජරපත්ව ගිලිහීම ඉරණමැයි
මල නොසිතන්නකි
I can't believe ... It's you Rivini ... No words ...
ReplyDeleteThank You :)
Delete