කෙටි කූරු අතැඟිලි අගින්
මං මගේ නළලත තදින්
තෙරපනා දිනයක මැදින්
ශෝකයත් සදාකාලික නොවන බව
තිර ලෙසම පවසන
ප්‍රේමයෙන් මත් බවින්
රෝස මල් තබා හද මැදින්
තුරුළු කර ගත් විට තදින්
තියුණු කටු ඇති බවක්
අනාරාධිතව මුමුණන
මගේ යැයි කිව හැකි
එකම එක බස
චපල පෙම්වතෙකු ලෙස
පිටව යා හැකිද
මා හැර ?
No comments:
Post a Comment